Headlines

    බංග්ලාදේශය සතියකට Lockdown කෙරේ..

    බංගලාදේශයේ කොරෝනා ආසාදිතයින් හා කොරෝනා මරණ වාර්තා වීම ඉහළ යාමත් සමඟ බංග්ලාදේශ රජය සතියක කාලයක් සඳහා රට වසා තැබීමට(Lockdown) තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    එරට රජය නිකුත් කළ දත්තවලට අනුව එරට කොරෝනා මරණ සංඛ්‍යාව පැය 24 ක් තුළ මරණ 50 කින් ඉහළ ගොස් ඇත.

    මේ වනවිට බංගලාදේශයේ කොරෝනා මරණ ගණන 9,155 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එහි කොරෝනා ආසාදිතයින් ලක්ෂ 06 ද ඉක්මවා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    කෙසේ නමුත්  වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සතියක කාලයක් බංග්ලාදේශය වසා තැබීම නිසා අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වීමට එය බාධාවක් නොවන බව ද එරට රජය වැඩිදුරටත් අවධාරණය කරයි.

    තව ද එරට Lockdown කාල සීමාව තුළ කර්මාන්ත ශාලා විවෘතව පවතින නමුත් එහිදී සෞඛ්‍යාරක්ෂක නීති රීති අනුගමනය කළ යුතු අතරම සෑම කාර්යාලයක්ම සහ උසාවියක්ම වසා තැබෙන බව එරට රජය ප්‍රකාශ කරයි.

    නව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් බංග්ලාදේශ රජය එරට ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සමාජ, දේශපාලන හා ආගමික ඇතුළු සියලු ආකාරයේ රැස්වීම් සීමා කරන ලෙසත් ආසන ධාරිතාවෙන් අඩකට වඩා මගීන් රැගෙන යාමට බස් රථවලට ඉඩ නොදෙන බවත්, ඒ අනුව COVID-19 ආරක්ෂක මාර්ගෝපදේශ පවත්වා ගත යුතු බවත්ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *