කඩුගන්නාව සහ අවට ප්‍රදේශ කිහිපයකට දින 03ක සිට ජල සැපයුම ඇනහිට ඇත.
මීවතුර සිට මරදන්ගොඩ දක්වා ජලය පොම්ප කරන පොම්පයේ පිපිරීමක් හේතුවෙන් එම ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව එම ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, අදාළ පොම්පයේ පිළිසකර කිරීම් මේ වනවිටත් ක්‍රියාත්මක අතර ජල සැපයුම අද පස්වරුව වනවිට යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.