පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා මෙරටට ගෙන්වන ලද කන්ටේනර් පරික්ෂා කිරීමෙන් අනතුරුව මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් කන්ටේනර් 95ක් ප්‍රති අපනයනයට උපදෙස් දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
එහි දී අදාළ කාලසීමාව තුළ කන්ටේනර් 1000ක් පමණ මෙරටට ආනයනය කර තිබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒවා මෙරටට ගෙන්වා ඇත්තේ මලයාසියාව, පිලිපීනය, ඉන්දුනිසියාව ඇතුළු රටවලිනි.
කෙසේ වෙතත් දැනට මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් මෙරට වෙළෙඳපොළ තුළ ඇද්දැයි යන්න විමර්ශන ආරම්භ කර ඇති අතර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් පොල්තෙල් සාම්පල ලබාගෙන ඒවා රසායනාගාර වෙත යොමු කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් වෙළෙඳපොළේ නිසි ප්‍රමිතියෙන් තොර පොල්තෙල් හඳුනා ගෙන නොමැති බවයි.
මේ අතර රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා සඳහන් කළේ, මෙරටට ආනයනය කරන ආහාර ද්‍රව්‍ය, ආනයනකරුවන්ගේ පෞද්ගලික ගුදම් වෙත යැවීම අත්හිටුවීමට තීරණය කර ඇති අතර එම ආනයනික ආහාර ද්‍රව්‍යය සිය ගුදම් මධ්‍යස්ථානවල රඳවා තබා ගැනීමට තීරණය කළ බවයි.
එහි දී රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ත්ව සහතිකය නිකුත් වූ පසු ඒවා ආනයනයකරුවන්ට නිදහස් කිරීමට පියවර ගන්නා බවයි.