ශ්‍රී ලංකා විවාහක රූරැජින තරඟාවලිය ඊයේ (04) පැවති අතර එහි විවාහක රූරැජින ලෙස කිරුළු පැළද මිනිත්තු කිහිපයකින් එම කිරුළ අහිමි වීම පිළිබඳ ලංකාවේ බොහෝ දෙනෙකු කතා වේ.
ඇය නමින් පුෂ්පිකා සඳමාලි ද සිල්වා වේ.
ඇගේ උපන් ගම පොළොන්නරුව වන අතර ඇය 2011 වසරේ මිස් ශ්‍රී ලංකා ලෙස ද කිරුළු පැලඳ ඇත.
එහි දී ඇගේ උපන් ගමේ ප්‍රදේශ වාසීන් විසින් එම ජයග්‍රහණය සමරා ඇත්තේ විවෘත ට්‍රක් රථයක් තුළ ඇයව නංවා ගම වටේ කැඳවා ගෙන යමිනි.
තවද ඇය 2011 වසරේ ලෝක රූ රැජින තරඟයටද ශ්‍රී ලංකා වෙනුවෙන් සහභාගී වූ තැනැත්තිය ද වූවාය.
කෙසේ නමුත් ඊයේ (04) දින පැවති ශ්‍රී ලංකා විවාහක රූරැජින තරඟාවලියේ කිරුළ අනපේක්ෂිතව අහිමිව ගියේ ඇය විවාහයෙන් දික්කසාද වීම තරගයට නුසුදුසු බව හේතු කොට ගෙනය.
ඇයට ඒ අහිමිව ගියේ මිස් ශ්‍රී ලංකා මෙන්ම මිසිස් ශ්‍රී ලංකා බවට ද පත් වූ එකම කාන්තාව ලෙස වාර්තා ගත කිරුළකට උරුමකම් කීමට තිබූ අවස්ථාවයි.
කෙසේ වෙතත් මෙම තරඟයේ අවසානයේ දී ප්‍රකාශ කර මෙම තරඟ තීන්දුව පිළිබඳ මේ වන විට ගැටළුවකට හේතු වී ඇති අතර ජාත්‍යන්තර තරඟ සංවිධායකින් පවා මෙම තීරණය වෙනසට කරුණු විමසා ඇති බව වාර්තා වේ.