අද (06) දින මුලතිව්, වව්නියාව, මන්නාරම, අනුරාධපුරය, පොළොන්නරුව, පුත්තලම ,මොණරාගල හා කුරුණෑගල දිස්ත්‍රික්කවලට වැසි රහිත දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනු ලබයි.
ඉන් සිදුවිය හැකි බලපෑම අවම කර ගැනීමට ජනතාව පියවර ගත යුතු බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එහි දී වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් ඒ පිළිබඳව විශේෂයෙන් විමසිලිමත් විය යුතු අතරම ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතු අතර හැකි තරම් සෙවණ සහිත ස්ථානවල රැඳී සිටිය යුතු වේ.
තවද වෙහෙසකාරී කටයුතු සීමා කර, සුදු පැහැ හෝ ලා පැහැති වස්ත්‍ර පළඳින්නැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
කෙසේ නමුත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.