රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන හිස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත. ඒ අනුව මන්ත්‍රී ධුරය හිස්වීම පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිසමට දන්වා ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
එහි දී පුරප්පාඩු වූ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන සඳහා 2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ අජිත් මාන්නප්පෙරුම මහතා පත්වීමට නියමිත බව වාර්තා වන අතර ඒ මහතා 2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී මනාප ඡන්ද 47,212ක් හිමිකර ගනිමින් ගම්පහ මනාප ලැයිස්තුවේ පස්වන ස්ථානයට පත්ව තිබුණි.
කෙසේ වෙතත් රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුදුසුස්සෙකු බවට පත්ව ඇති බැවින් නව වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම්දී තිබෙන අතර අජිත් මාන්නප්පෙරුම මහතාගේ නම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරිමෙන් අනතුරුව එය ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වරදකරු ලෙස මේ වනවිට සිව් වසරක සිරදඬවම් නියම ඇත.