අද දින (08) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 221 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 31 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 190 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ඊයේ (07) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 54 ක් ලෙස දැක්වේ.
මීට අමතරව යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 46 ක් ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 29 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් සියළුදෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.
කෙසේ වෙතත් කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භය සිදු වූ ගම්පහ දිස්ත්‍රික්කයේ දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා අඩු වී තිබේ.
තව ද ඩෙන්මාර්ක කොරෝනා ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් තිදෙනෙකු කොළඹ නාගරික සීමාවෙන් හඳුනා ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 03 ක් වාර්තා වී ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ,හෝමාගම ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, තණමල්විල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවක් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 591 දක්වා ඉහල ගොස් ඇත.
ඊයේ (07) දිනය තුළ මෙරට සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 6,591 කි.
කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 93,993
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 90,917
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 2,485
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 591