Headlines

    පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි – අවමංගල්‍ය උත්සවයේ කටයුතු වෙනස් වෙයිද?..

    බ්‍රිතාන්‍ය මහ රැජිණ වන වැනි එළිසබෙත් මහ රැජිණගේ ස්වාමි පුරුෂයා වන එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරු අභාවප්‍රාප්ත වී ඇත.

    ඒ අනුව එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ අභාවය වෙනුවෙන් ආචාර්ය වෙඩි මුර පිරිනැමීම අද (10) සිදු කරන ලදී.

    එක්සත් රාජධානියට අදාළ මුහුදු සීමාවන්හිද යුධ නැව්වලින් ආචාර වෙඩි මුර පිරි නැමුණු අතර එඩින්බරෝ, කාඩිෆ් සහ බෙල්ෆාස්ට් ඇතුළු නගර කේන්ද්‍ර කරගනිමින් මිනිත්තු 40 ක් මිනිත්තුවකට වරක් බැගින් මෙම වෙඩි මුර පිරි නමා ඇති බව එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

    ඹහුට ගෞරව පුද කරමින් එක්සත් රාජධානිය පුරා මෙලෙස වෙඩි මුර පිරිනැමීම ආරම්භ වුණේ මෙරට වෙලාවෙන් පස්වරු 4.30 ට පමණය.

    මෙහි දී පිලිප් කුමරුගේ අභාවයට ලෝක රාජ්‍ය නායකයින් රැසක් ශෝකය ප්‍රකාශ කළ ඇති අතර ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මෙලෙස ශෝකය ප්‍රකාශ කළ රාජ්‍ය නායකයින් අතර වේ.

    එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරු අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු 99 ක් වූ අතර 1921 වසරේ ජුනි 10 වැනිදා පිලිප් කුමරු උපත ලැබුයේ, ග්‍රීසී සහ ඩෙන්මාර්ක් ඇන්ඩෘ කුමරුගේ එකම පුතු ලෙසයි.

    පිලිප් කුමරු එඩින්බරෝ ආදිපාදවරයා බවට පත් වූයේ 1947 වසරේදී එළිසබෙත් රැජිණ සමග විවාහ වීමත් සමගය.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදු කෙරෙන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර එය ඉදිරි දින කිහිපය තුළ සිදු කෙරෙන බවය.

    කෙසේ වෙතත් පිලිප් කුමරුගේ කැමැත්ත වී ඇත්තේ, රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් නොපැවැත්විය යුතු බවයි .

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *