Headlines

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලය එළඹෙන සඳුදා දිනය (12) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණ ද සාමාන්‍ය පරිදි විවෘතව තැබීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේ, ජනතාවට සිය කටයුතු පහසු කරගැනීම සඳහා මෙලෙස නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බවයි.

    මෙහි දී නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලවලට අමතරව කුරුණෑගල, ගම්පහ, අනුරාධපුර, යාපනය සහ හම්බන්තොට කාර්යාලවල ද සේවාවන් සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

    කෙසේ වෙතත් කොළඹින් පිට කාර්යාලවල සේවාවන් ලබාදෙනු ලබන්නේ කලින් වේලාවක් වෙන්කරවා ගත් සේවාලාභීන් සඳහා බවද එදිනට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවාවන් ලබාගැනීමට බලාපොරොත්තු වන ජනතාව 011 2 677 877 යන දුරකථන අංකය ඔස්සේ වේලාවක් වෙන් කරගන්නා ලෙස ද මෝටර් රථ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා ජනතාවට දැනුම්දෙනු ලබයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *