එංගලන්ත දෙවන එලිසබෙත් රැජිණගේ ස්වාමිපුරුෂයා වන එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 17 වැනි සෙනසුරාදා පස්වරු 3.00 ට වින්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී රාජකීය අවමංගල්‍ය උළෙල පැවැත්වෙන බව බකිංහැම් මාළිගය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එම අවස්ථාවේ විනාඩියක ජාතික නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට ද නියමිත බව රාජකීය නිලධාරීන් සඳහන් කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සිංහාසනයේ උරුමක්කාරයා වන චාල්ස් කුමරු සිය ආදරණීය පියාට හෘදයාංගම උපහාරයක් පිරිනමා ඇති බවත් රජ පවුලේ සමීපතමයින් 30 දෙනෙකු පමණක් අවමංගල්‍ය උළෙලට සහභාගී වෙමින් මෙම රාජකීය අවමංගල්‍ය උළෙල සීමිත පැමිණීම් මධ්‍යයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සිදු කිරීමට නියමිත බවයි.
එසේ නමුත් සම්ප්‍රදායික ලෙස රාජකීය අවමංගල්‍ය උත්සවයකදී පැවැත්වෙන පෙරහැර මෙහිදී නොපැවැත්වීමට තීරණය කර තිබෙන අතර දේහය පිළිබඳ රාජකීය අවමංගල්‍ය රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතය.
කෙසේ වෙතත් මේ වනවිට කාගේත් අවධානය යොමුව ඇත්‌තේ, අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වන්නන් අතර හැරී කුමරු සිටිනවා ද යනුවෙනි.
ඒ අනුව මේ වනවිට සිය දෙවන දරු ප්‍රසූතිය අපේක්ෂාවෙන් සිටින හැරී කුමරුගේ බිරිඳ මේගන් මාක්ල් අවමංගල්‍ය උත්සවයට සහභාගී නොවන බවත් පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවයට හැරී කුමරු පමණක් සහභාගී වන බවත් රාජකීය නිලධාරීන් සඳහන් කර ඇත.
තව ද පිලිප් කුමරුගේ අභාවය වෙනුවෙන් පසුගිය 10 දා සිට ලබන 17 වැනිදා දක්වා බ්‍රිතාන්‍යයට ජාතික ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කෙරිණි .
පසුගිය 09 වැනිදා අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ ස්වාමි පුරුෂයා වන එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරු මියයන විට
පසුගිය 09 වැනිදා අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ ස්වාමි පුරුෂයා වන එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරු මියයන විට වයස අවුරුදු 99 කි.