සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය සේවයේ නියුතු රාජ්‍ය සේවකයින්ට අද (12) දින රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර ඇත.
මෙම විශේෂ රජයේ නිවාඩුව ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ලබා දුන් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය.
නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ, අද රජයේ නිවාඩු දිනයක් වුව ද සියලු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකු විවෘතව තැබෙන බවයි.
තව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල අද (12) දින සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පෙරදින වල වේලාවක් වෙන්කර ගත් සේවාලාභීන් වෙනුවෙන් අද (12) රජයේ නිවාඩු දිනයක් වුව ද අදාළ කාර්යාල විවෘතව තැබෙන බවයි.
තව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගම්පහ, අනුරාධපුරය, යාපනය, හම්බන්තොට හා කුරුණෑගල කාර්යාල ද කලින් වේලාවක් වෙන්කර ගත් සේවාලාභීන් වෙනුවෙන් විවෘතව තැබෙන බවය.