රු. 5000 දීමනාව අද සිට..

සමෘද්ධිලාභින්ට සහ අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව අද (12) සිට ලබා දීම ආරම්භ වන බව රජය ප්‍රකාශ කරයි.

ඒ අනුව අද (12) සහ හෙට (13) යන දෙදින තුළ කිසිදු ගැටලුවකින් තොරව රුපියල් 5000 දීමනාව ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එහි දී වැඩිහිටි දීමනාව ලැබෙන පුද්ගලයින් සිටින පවුල්, ආබාධිත දීමනාව ලබන පුද්ගලයින් සිටින පවුල්, වකුගඩු රෝගී තත්ත්වය හේතුවෙන් දීමනා ලබන පුද්ගලයින් සිටින පවුල්, සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයින් සිටින පවුල්, සමෘද්ධිලාභී පවුල්, අඩු ආදායම්ලාභීන් ලෙස හඳුනාගෙන ඇති පවුල් සහ ඉහත සඳහන් පවුල් කාණ්ඩ 06 යටතේ අභියාචනා ඉදිරිපත් කර ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූ පවුල් සඳහා මෙම 5000 දීමනාව ලබාදීමට නියමිත බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේය.

මෙහි දී ප්‍රතිලාභීන් ලක්ෂ 30 කට ආසන්න සංඛ්‍යාවකට එම දීමනාව ලබා දීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

කෙසේ නමුත් ග්‍රාමනිලධාරීන් මෙම 5000 ලබාදීමේ කටයුතුවලින් ඉවත් වන බව ඊයේ (11) දිනයේ දැනුම්දී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *