ගත වූ පැය 24ක කාලය මෙරට තුළ සිදු වූ රිය අනතුරුවලින් මරණ 14ක් වාර්තා වන අතර සිදු කළ විශේෂ මෙහෙයුම් වලදී බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවට ගෙන අති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ඒ අනුව අධිවේගී මාර්ගයේ රිය අනතුරු 12ක් හා අනෙකුත් මාර්ගවල රිය අනතුරු 109ක් වන අතර තුවාල ලැබූ අය 74ක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
මෙහි දී වැඩි ප්‍රමාණයක් අනතුරුවලට ලක්ව තිබෙන්නේ යතුරු පැදි සහ ත්‍රී රෝද රථයි. ඒ අනුව යතුරු පැදි 53ක් හා ත්‍රී රෝද රථ 30ක් පමණ වර්තාවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
ඊයේ (14) දිනයේ දී වයින පුරා සිදු කළ මෙහෙයුමකදී බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම අද දිනයේත් ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
තව ද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ, වාහන පැදවීමේ දී සෑලකිළිමත්වන්න,මාර්ග නීතිවලට අනුගතව කටයුතු කරන්න යැයි ද කිසි විටෙක බිමත්ව රිය නොපදවන ලෙසය.