රුපියල තවත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (15) නිකුත් කළ විනිමය අනුපාත අගයන්වලට අනුව අමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල රුපියල් 204 . 62 ක් ලෙස දක්නට ලදී.
තව ද බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක විකුණුම් මිල රුපියල් 283.39 ලෙසත් යූරෝ එකක විකුණුම් මිල රුපියල් 245 යි සත 84 ක් ලෙස සටහන් වී තිබුණි.