Headlines

    ඉන්දියානු නාවික හමුදාවට අයත් යුද්ධ නෞකාවක් කොළඹ වරායට..

    ඉන්දියානු නාවික හමුදාවට අයත් “INS RANVIJAY” යුද්ධ නෞකාව තෙදින නිල සංචාරයක් සඳහා පසුගිය 14 වන දා කොළඹ වරායට සේන්දු වී ඇත.

    මෙම නෞකාව දිගින් මීටර 146.2ක් හා නැව් මුළුව 425ක ගෙන් සමත්විත Destroyer වර්ගයේ යුද්ධ නෞකාවක් වන අතර නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් එන් හරිහරන් (Captain N Hariharan) මහතා විසින් පසුගිය අප්‍රේල් 15 වන දින බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන මහතා එම විධාන මූලස්ථානයේදී හමුවී දෙරටේ නාවික හමුදාවන් අතර ‍අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද පිළිසඳරක නිරත වී ඇත.

    ඒ අනුව, මෙම නිල සංචාරයේදී “INS RANVIJAY” නෞකාවේ අණදෙන නිලධාරී විසින් බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාමසාධක හමුදා අනුස්මරණ ස්මාරකය අබියස මල් කළඹක් තබා ගෞරවාචාරය පුද කිරීමට ද කටයුතු කළ අතර, මෙම අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූඩ් ද සහභාගී වී ඇත.

    තව ද කොවිඩ් 19 අවදානම් තත්වය හමුවේ රාජකාරී සිදු කරනු ලබන නාවික පුද්ගලයින්ගේ භාවිතය සඳහා ඉන්දීය නාවික හමුදාව වෙතින් ලබා දුන් සෞඛ්‍යාරක්‍ෂිත ඇඳුම් කට්ටල සංඛේතාත්මකව බටහිර නාවික විධානයේ ආඥාපති වෙත භාර දීම සිදු කෙරුණු අතර, මෙම හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කර ඇත.

    කෙසේ වෙතත් තෙදින (03) නිල සංචාරය නිමා කරමින් “INS RANVIJAY” නෞකාව අද (16) දින දිවයිනෙන් පිටත් වුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *