සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත අද (17) දිනට යෙදී තිබේ.
ඒ අනුව අද (17) දින පූර්වභාග 07.16 ට දකුණු දිශාව බලා හිසට නුග පත් ද පයට කරඳ පත් ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි නුග පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම සුදුසු බව නැකැත් පත්‍රයේ සඳහන් වේ.
මේ අතර හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අද (17) දින පූර්ව භාග 07.16ට යෙදෙන සුභ මොහොතින් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.