Headlines

    කියුබාවේ කැස්ත්‍රෝ පාලනය අවසන් වෙයි – රාවුල් කැස්ත්‍රෝ කියුබානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි..

    කියුබානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව පක්ෂ සම්මේලනය අමතමින් රාවුල් කැස්ත්‍රෝ ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඒ අනුව 89 වන වියේහි පසුවන රාවුල් කැස්ත්‍රෝ පක්ෂයේ කොංග්‍රස් මණ්ඩලය අමතමින් කියා සිටියේ, එම නායකත්වය තරුණ පරම්පරාවට භාරදිමට තමා සූදානම් බවයි.

    කියුබානු විපලවයෙන් (1959) අනතුරුව අඩ දශකයකට ආසනන් කාලයක් කියුබාව පාලනය කළ ෆිදෙල් කැස්ත්‍රෝ 2008 වසරේදී සිය සහෝදරයා වූ රාවුල් කැස්ත්‍රෝ වෙත කියුබාවේ නායකත්වය භාර කළේය.

    නමුත් මෙම තීරණයෙන් පසුව අඩසියවසක් පුරා එනම් 1959 සිට දශක 06ක පමණ කාලයක් කියුබාවේ පැවැති කැස්ත්‍රෝ පවුලේ පාලනය මින් අවසන් වනු ඇත.

    කෙසේ වෙතත් දින 4ක් පුරා පැවැත්වෙන කියුබානු කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයේදී ඡන්ද විමසීමක් මගින් මීළඟ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීමට නියමිත බව සඳහන් වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *