Headlines

    පිලිප් කුමරු නික්ම යයි..

    එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජකීය ගෞරව සහිතව වින්සර් මාලිග ශාන්ත ජොර්ජ් දේවස්ථාන ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී ඊයේ (17) සිදු විය.

    දෙවන එලිසබෙත් රැජිණගේ ස්වාමිපුරුෂයා වන, රාජ පවුලේ සාමාජිකයින් විසින් “ජාතියේ සීයා” ලෙස හඳුන්වන එඩින්බරෝ ආදිපාදවරයා මියයන විට 99 වැනි වියේ පසු වුණි.

    දෙවන එලිස‌බෙත් මහ රැජිණ , චාල්ස් කුමරු, කැමිලා පාකර් ආදිපාදවරිය, විලියම් හා හැරී කුමරු ඇතුළු රජ පවුලේ සමීපතමයින් 30 දෙනෙකු පමණක් සහභාගීත්වයෙන් මෙම රාජකීය අවමංගල්‍ය උළෙල සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සිදු කරන ලදී.

    ඊයේ (17) මහා බ්‍රිතාන්‍යයේ ස්ථාන 09ක ආචාර වෙඩි මුර සහ විනාඩියක නිහඬතාවක් රකිමින් පිලිප් කුමරුට ගෞරව පුද කළේය.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රාජකීය කොරෝනා රෙගුලාසිවලට අනුව පිලිප් කුමරුගේ අවමංගල්‍ය සැලසුම් කර තිබූ අතර සන්නද්ධ හමුදා සමාජිකයින් 730 දෙනෙකු එක්ව සිටි බවයි.

    මේ අතර පිලිප් කුමරුගේ දේහය ශාන්ත ජෝර්ජ් දෙව්මැදුරට රැගෙන ගියේ, පිලිප් කුමරු ජීවත්ව සිටියදී ඔහු විසින්ම නිර්මාණය කළ විශේෂිත රථයකින් වීම විශේෂත්වයකි.

    කෙසේ වෙතත් මේ වනවිට සිය දෙවන දරු ප්‍රසූතිය අපේක්ෂාවෙන් සිටින හැරී කුමරුගේ බිරිඳ මේගන් මාක්ල් අවමංගල්‍ය උත්සවයට සහභාගී වී නොමැති අතර පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවයට හැරී කුමරු පමණක් සහභාගී වී ඇති බව වාර්තා වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *