Headlines

    කොරෝනා මරණ මිලියන 3 ඉක්මවයි..

    ලොව පුරා සිදු වී ඇති කොරෝනා මරණ මිලියන 3 ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    2019 දී චීනයෙන් ව්‍යාප්ත වූ කොරෝනා ව්‍යසනය මේ වනවිට මිලියන 140 කට වැඩි පිරිසකට ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    WHO ප්‍රධානී ආචාර්ය ටෙඩ්‍රොස් අද්නොම් ගෙබ්‍රෙයිසස් (Dr Tedros Adhanom Ghebreyesus ) අනතුරු අඟවන්නේ කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යන අතර පසුගිය මාස 2 තුළ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙගුණයකට ආසන්න වී ඇති බවය.

    ඒ අනුව  පසුගිය සතිය තුළ දිනකට සාමාන්‍යයෙන් කොරෝනා මරණ 12,000 ක් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    worldometers.info

    මේ වන විට ලොව වැඩිම දෛනික ආසාදිතයින් ඉන්දියාවෙන් වාර්තා වන අතර ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 234,692 ක් වාර්තා වී වී ඇත.

    ඒ අනුව ඉන්දියාවේ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 14.5 කට ආසන්න බව වාර්තා වේ.

    මේ අතර ඊයේ (17) දිනය තුළ ඉන්දියාවේ කොරෝනා මරණ 1,341 ක් වාර්තා වී තිබෙන අතර එහි සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 175,649 වාර්තා වී ඇති පසුබිමක නවදිල්ලි අගනුවර සති අන්තයේ lockdown කර තවත් ප්‍රාන්ත කිහිපයකම සීමාවන් පැනවීමට ඉන්දීය බළධාරීන් කටයුතු කර ඇත.

    කෙසේ වෙතත් බොහෝ රටවලහි නිල සංඛ්‍යා දත්ත අනාවරණය නොවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *