අද දින (21) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 367 දෙනෙකු හදුනාගෙන ඇති අතර ආසාදිතයින් සියළු දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ඊයේ (20) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 94 ක් ලෙස දැක්වේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 54 ක් ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 43 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් සියළුදෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.
මේ අතර මෙතෙක් වාර්තා නොවූ කොරෝනා වෛරස් ප්‍රභේදයක් ද පසුගිය දවස් කිහිපය තුළ දී මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කළේය.
ඒ පසුගිව දින කිහිපය තුළ මෙරට තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවණතාවය යළි වැඩිවීමත් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් සිදුවීම හේතුවෙන් සිදු කළ පරීක්ශන වලදීය.
ඒ අනුව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනුයේ, එළඹෙන කාල පරිච්ඡේදය පුරා යළිත් වරක් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමින්, අනවශ්‍ය ගමන් බිමන් හැකිතාක් අවම කරමින්, කොරෝනා ආසාදන තත්ත්වය රට පුරා පැතිරීම වැළැක්වීමට සියලු දෙනා සහය විය යුතු බවය.
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 05 ක් වාර්තා වී ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ, කැමට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 85 හැවිරිදි කාන්තාවක්, පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවක්, රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටි 90 හැවිරිදි කාන්තාවක් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 625 දක්වා ඉහල ගොස් ඇත.
කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 97,472
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 93,547
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 3,305
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 625