Headlines

    වාරියපොළ ග්‍රාම නිලධාරී වසම් දෙකක් හා කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය LOCKDOWN කෙරේ..

    අද (23) දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ, කුඹුක්ගැටේ පොලිස් බල ප්‍රදේශයේ නිරාවිය ග්‍රාමසේවා වසම සහ වැල්ලව පොලිස් බල ප්‍රදේශයේ නිකදළුපොත ග්‍රාමසේවා වසම් දෙක හුදකළා කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

    තව ද ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කර ඇති බව ද වේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

    පසුගිය 21 වැනිදා සිට කුරුණෑගල,ගනේවත්ත තිත්තවැල්ගල ග්‍රාම නිලධාරී වසම ද හුදෙකලා කෙරිණි.

    මේ අතර අද(23) මධ්‍යම රාත්‍රි 12.00 න් පසු ගනේවත්ත දුම්රිය ස්ථානයේ දුම්රිය නතර නොකිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

    ඒ ගනේවත්ත දුම්රිය ස්ථානය අවට ගම්මාන 5 ක් කොරෝනා ව්‍යාප්තියක් සමග හුදෙකලා කිරීම හේතුවෙනි.

    News.lk
    News.lk

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *