පවතින කොවිඩ්-19 තත්ත්වය හමුවේ එළඹෙන සති අන්තයේ රට සම්පූර්ණයෙන් වසා දැමීමේ බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අද (23) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොවිඩ් – 19 ව්‍යාප්තිය පාලනය පිළිබඳව පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා, සති අන්තයේ සංචරණ සීමා පැනවීමක් සිදු නොකරන බවත් ජනතාව රැස්වන ස්ථාන මඟහරිමින්, එළඹෙන දීර්ඝ සති අන්තයේ නිවෙස් තුළම රැඳී සිට වගකිමෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව සිංහල – දමිළ අලුත් අවුරුද්දට ප්‍රථම ජනතාව හැසිරුණු ආකාරය අනුව මෙම අවස්ථාවේ කොවිඩ් ආසාදිතයින් හමුවන බව සඳහන් කළ යුද හමුදාපතිවරයා පැවසුවේ ඉදිරි සති 3 තීරණාත්මක වනු ඇති බවය.
මේ අතර ම් ප්‍රදේශයකින් සැලකිය යුතු රෝගීන් වාර්තා වුවහොත් එම ප්‍රදේශ හුදකලා කිරීමට සිදුවනු ඇතැයි ද මෙම මාධ්‍ය සාකච්ඡාවේදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රතාශ කළේය.