Headlines

    ඔක්සිජන් නොමැතිව නවදිල්ලි නුවර රෝහල් අර්බුදයක..

    ඉන්දියාවේ නවදිල්ලි නුවර ප්‍රධානපෙළේ රෝහල් 6ක් ඔක්සිජන් නොමැතිකමින් අර්බුදයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    එහිදී ඔක්සිජන් නොමැතිකමින් නවදිල්ලි නුවර රෝහල්වල කොවිඩ් රෝගීන් මියයන සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.

    දැඩි සත්කාර ඒකක ද මේ වනවිට පිරී ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

    මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එරට අනෙකුත් රෝහල්වල ද පවතින ඔක්සිජන් මට්ටම් පැය කිහිපයකට පමණක් ප්‍රමාණවත් වන බවය.

    ඊයේ(22) දිනයේ දී ද ලොව දිනකදී වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා විය.

    ඉන්දියාව කොවිඩ් දෙවැනි රැල්ලේ දැඩි බලපෑමකට ලක්ව සිටි අතර ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 16 කට ආසන්න බව සඳහන් වේ.

    ඒ අනුව එරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 186,928 වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *