ඔක්සිජන් එක්ස්ප්‍රස් දුම්රිය ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයට..

ක්සිජන් එක්ස්ප්‍රස් දුම්රිය ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයට ළඟා වී ඇති බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කළේය.

ඒ අනුව මහාරාෂ්ටයේ නාග්පූර්හිදී දුම්රියේ ටැංකි 7 න් 3 ක් ප්‍රාන්තයේ රෝහල්වල භාවිතය සඳහා මුදාහැර ඇති බව ඉන්දීය වාර්තා අනාවරණ කළ අතර එම එක් ටැංකියක අන්තර්ගත ද්‍රව ඔක්සිජන් ප්‍රමාණය ටොන් 15 ක් බව සඳහන් වේ.

ඊයේ (23) දිනයේ දී ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයෙන් කොවිඩ් අසාදිතයින් 66,836 දෙනෙකු වාර්තා වී ඇත.

ගත වූ පැය 24 තුළ පමණක් එම ප්‍රාන්තයේ 773 දෙනෙකු මිය ගොස් ඇති අතර ඉන් බොහෝ දෙනෙකු මියගොස් ඇත්තේ, ඔක්සිජන් පහසුකම් නොමැති වීමෙනි.

මේ අතර ම ඉන්දියාවේ අගනුවර වූ  නවදිල්ලි නුවර ද කොවිඩ් රෝගීන් ද ඔක්සිජන් හා රෝහල්වල ඉඩ පහසුකම් නොමැති වීමෙන් දැඩි අවදානමකට මුහුණ දී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඊයේ (23) දිනයේ පමණක් නවදිල්ලි නුවරින් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 24,331 ක් වාර්තා වී ඇත.

එහි ද ගත වූ පැය 24 තුළ මරණ 348 ක් වාර්තා වී ඇති අතර ඒ දිල්ලියෙන් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව වේ.

කෙසේ වෙතත් ඊයේ (23) දිනය තුළ පමණක් සමස්ත ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් තුන් ලක්ෂ 32,730 කු වාර්තා වී තිබේ.

සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,263 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *