Headlines

    ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ක ඉක්ම වූ තද වැසි..

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (24) දින මිලිමීටර් 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

    ඒ අනුව ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය හික්කඩුව, සිරිකඳුර ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එම අගය මිලිමීටර් 104 කි.

    තව ද ඊයේ (23) ගාල්ල වඳුරඹ ප්‍රදේශයෙන් මිලිමීටර් 79.5 ක වර්ෂාපතනයක් ද බූස්ස ප්‍රදේශයෙන් 60.5 ක වර්ෂාපතනයක් ද ලැබී ඇතැයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

    අද (24) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වයඹ, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

    ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *