උතුරු සුලග චිත්‍රපටයේ ප්‍රථම දර්ශනය දවසේ ලබාගත් චායාරූප

චාමර ජනරාජ් පීරිස්ගේ .. උතුරු සුළග චිත්‍රපටයේ film premier එක අති උත්කර්ෂවත් අන්දමින් පවත් වුනේ ලිබර්ටි සිනමහලේදීය .. එහිදී බොහෝ දෙනාගේ කතාබහ වුනේ .. උතුරු සුළඟ චිත්‍රපටය covid වලින් කඩා වැටුන සිනමාවට හොද එන්නත් වනු ඇති බවය.. උතුරු සුලග ප්‍රථම දර්ශනය දවසේ ලබාගත් චායාරූප බලන්න

දශක තුනක කුරිරු යුද්ධයේ අත්දැකීම් හා මතකයන් සිත් වලින් ඈතට පියාඹමින් සිටින අද දිනයේ, ලංකාවේ උතුරු පෙදෙසේ පෙර මායිම් ගමක්ව තිබු ලස්සන ගැමි පරිසරයක මෙම වෘතාන්තය දිග හැරේ. යුද්ධයේ සෙවනැලි ජීවිත තුල ඉතුරි කර ගිය අඳුර පිලිබඳ මතකයන් සමග ජීවත් වන සුනිමල්, ආගන්තුක පරිසරයක යලි ජීවිතය ගොඩ නගාගැනීමට දරන උත්සාහයත්, ගමේ නායකයා වන රාලහාමි මාමාගේ දුව යශෝධරා ගැන ඇතිවන ආදර හැඟීම සඟවා ගැනීමට නැවතත් සටනේ යෙදෙන සුනිමල් ගැනත් උතුරු සුළඟ කතා කරයි.

සනත් ගුණතිලක, ශ්‍රියන්ත මෙන්ඩිස්, දිල්හානි අශෝකමාලා, මීනා කුමාරි, කාවින්ද්‍යා දුල්ශානි, බිමල් ජයකොඩි, සුජානි මේනකා, රෝහණ බැද්දගේ, මොරීන් චාරුනී, ලක්ෂිත ප්‍රභාත් පතිරාජ, කසුනි කාවින්දි, නදීශානි පේලිආරච්චි, ප්‍රදීප් මානවඩු, සුලක්කනා හේරත් මෙහි චරිත මවති.

එම්. එච්. එම්. ඥානි, කපිල නවරත්න, රසිත ජිනසේන, සහ චාමර පීරිස් උතුරු සුළඟ සිනමාපටයේ නිෂ්පාදකවරුන්ය.

මුලදී අප්‍රේල් මස 29 දිනට තිරගත කිරීමට අදහස් කලද ,දැනට පවතින covid වාතාවරණය හමුවේ මෙම චිත්‍රපටය මැයි මස අග තිරගත කිරීමට බලාපොරොත්තු වේ

උතුරු සුලග ප්‍රථම දර්ශනය දවසේ ලබාගත් චායාරූප click කර නරඹන්න (Photo Credits https://www.facebook.com/GihanMendisPhotography/)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *