මෙරට පවතින කොරෝනා උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය බවත්, ඒ සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව පවතින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව කොරෝනා වසංගතය සාර්ථකව ජය ගැනීමට නම් ,සෞඛ්‍ය නිලධාරීන් නිර්දේශ කර ඇති උපදෙස් අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට අනුමත කර ඇති සහ ඉදිරි කාලය තුළ අනුමත කිරීමට නියමිත කොවිඩ් මර්දන එන්නත් අතරින් හතරක්ම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය විධිවිධාන සකසා ඇති බවයි.
කෙසේ වෙතත් මෙම රෝගය ව්‍යප්තිය අවම කිරීමට, යම් කලකට රට වසා දැමිය යුතු යැයි ඇතැමුන් කල්පනා කළත්, දිගු කාලීනව එය ජන ජීවිතයට සහ ආර්ථිකයට හානිකර බලපෑම් ඇති කරන අතර ආර්ථික ක්‍රියාකාරිත්වය මුලිමනින්ම අඩපණ කරන අඟුල් දැමීම් හෝ ඇඳිරි නීතිය පැනවීම් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට කළ නොහැකි බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
