මෙවර Oscar සම්මාන උළෙල 93 වැනි වරටත් ඊයේ (25) රාත්‍රියේදී පැවැත්වුණි.
එහිදී පළමු සම්මානය හිමිවූයේ ෆ්ලොරියන් සෙලර්ගේ The Father චිත්‍රපටය වෙනුවෙන් හොඳම තිර රචනය සඳහා ය.
Nomadland චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය Chloé Zhao දිනාගත්තා ය.
ඒ මෙම සම්මානය දිනාගත් දෙවන කාන්තාව බවට පත් වෙමිනි.
හොඳම සහය නළුවාට හිමි සම්මානය Daniel Kaluuya හිමි කරගත් අතර ඒ Judas and the Black Messiah චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ය.
මෙවර Oscar සම්මාන උළලේදී Chloé Zhao අධ්‍යක්ෂණය කළ Nomadland චිත්‍රපටය සම්මාන ත්‍රිත්වයක් දිනාගත්ත් අතර ඒ හොඳම චිත්‍රපටය , හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම රංගන ශිල්පිනිය වෙනුවෙන් ය.
Minari චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් Yuh-jung Youn හොඳම සහය නිළියට හිමි සම්මානය දිනා ගත්තේය.
මෙවර Oscar සම්මාන උළෙල අතිඋත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.