Headlines

    මෙරට දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවයට ළඟා වෙමින් පවතී..

    මෙරට දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවයට ළඟා වෙමින් ඇතැයි කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේය.

    වෛද්‍ය සැපයුම් අංශය සදහන් කළේ, ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින දැඩි සත්කාර ඒකක ඇදන් ප්‍රමාණය 700ක් පමණ වන අතර කොවිඩ් වසංගත තත්ත්වය තුළ නව ඇඳන් 70ක් පමණ ප්‍රමාණයක් ඊට එක් කළ හැකිව තිබේ.

    තරුණ ප්‍රජාවට වැඩි සංකූලතා පැමිණීම මෙරට දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවයට ළඟාවීමට හේතුවී ඇති බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේය.

    දැඩි සත්කාර ඒකක පුහුණුව ලැබූ කාර්ය මණ්ඩල වෙනත් වාට්ටු තුළ සිටී නම් අවශ්‍යතාවය පරිදි ඔවුන් දැඩි සත්කාර ඒකක වෙත අනුයුක්ත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත දන්වා ඇති බව වාර්තා වේ.

    තව ද හයිෆ්ලෝ ඔක්සිජන් යන්ත්‍ර සහිත රෝහල් ඇදන් ප්‍රමාණයත් වැඩිකරමින් පවතින බව වෛද්‍ය සැපයුම් අංශ වැඩිදුරටත් වාර්තා කළේය.

    මේ අතර මෙරට රෝහල් වලද දැනට රෝහල් ගතකර තිබෙන විශාල රෝගීන් ප්‍රමාණයකට ඔක්සිජන් සැපයුම ලබා දීමට සිදුව ඇති බව වාර්තා වේ.

    මෙරට රෝහල් සඳහා ඔක්සිජන් සැපුයම සිදු කරන්නේ මෙරට තුළ පවතින සමාගම් 2 කින් වන අතර එම සමාගම් ප්‍රකාශ කර ඇත්තේ දැනට සැපයුම් කරන ඔක්සිජන් ප්‍රමාණය මෙන් තුන් ගුණයක ධාරිතාවයක් තමන්ට සැපයිය හැකි බවය.

    කෙසේ නමුත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ ඔවුන් සතුව පවතින ඔක්සිජන් ප්‍රමාණය තහවුරු කර දැනුම්දෙන ලෙසයි.

    එහි දී ලාබා දෙන වාර්තා වල තොරතුරු අනුව අත්‍යාවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය අදාල රෝහල් වලට ලබා දෙනු ඇත.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *