දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් 997 දෙනෙකු ඊයේ (26) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. මීට පෙර මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව හඳුනා ගැනුණේ පසුගිය පෙබරවාරි මස 09 වනදා ය.
ඊයේ (26) දිනයේ හඳුනා ගැනුණු ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 944 දෙනෙකු සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 08 දෙනෙකු සිටි අතර විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 45 දෙනෙකු ද ඊයේ (26) දිනයේදී කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
ඊයේ (26) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 173 ක් ලෙස දැක්වේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් 170 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 74 දෙනෙකු අතර අනෙක් ආසාදිතයන් සියළුදෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 03 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 647 දක්වා ඉහල ගොස් ඇත.
මේ අතර රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව හෙට (28) සිට ලබාදෙන බවයි.
එහි දී පළමු පෙළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින්ට පළමුවෙන් එම මාත්‍රාව ලබාදෙන අතර අනතුරුව ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් අනුපිළිවෙල අනුව දෙවන මාත්‍රාව ලබාදීම සිදුකරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි දෙවන මාත්‍රාව ලබාදීම සඳහා එන්නත ලක්ෂ තුන්හමාරක තොගයක් මේ වනවිට රට තුළ පවතින අතර එය මැයි මාසය අවසානය වන තෙක් ප්‍රමාණවත් වන බවත් දෙවන එන්නත් මාත්‍රාව සඳහා අවශ්‍ය වන ඉතිරි එන්නත් තොග මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවත් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 102,376
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 94,577
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 7,152
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 647