Headlines

    චීන ආරක්ෂක ඇමති අද රාත්‍රියේ දිවයිනට..

    චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි මහතා නිල සංචාරයක් සඳහා අද (27) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

    ෆෙන්ග්හි මහතා 1972 වසරේ ජනවාරි මාසයේදී චීන මහජන පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇති අතර ඔහු චීන ජාතික ආරක්ෂක අමාත්‍ය ධුරයට පත් වූයේ 2018 වසරේ මාර්තු 19 වැනිදායි.

    මේ වනවිට ඒ මහතා චීන මධ්‍ය හමුදා කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරමින් ඇතැයි වාර්තා වේ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි මහතා ලබන 29 වැනි දා දක්වා මෙරට රැඳී සිටීමට නියමිත බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *