දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් 1466 දෙනෙකු ඊයේ (28) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඒ අතරින් පුද්ගලයින් 15 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 1451 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ඊයේ (28) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 228 ක් ලෙස දැක්වේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 209 ක් ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 172 ක් වාර්තා වන අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 133 දෙනෙකු සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතියන් 119 දෙනෙකු ද වාර්තාවී ඇත.
අනෙක් ආසාදිතයන් සියළු දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 06 ක් වාර්තා වී ඇති අතර මෙම මරණ වාර්තා වී ඇත්තේ, පල්ලේගම, වීරපොකුණ, හාලි ඇල, මාවනැල්ල, නිට්ටඹුව සහ වත්තල ප්‍රදේශවලින් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 661 දක්වා ඉහල ගොස් ඇත.
මේ අතර පසුගිය 22 වනදා සිට මේ දක්වා දිස්ත්‍රික්ක 8 ක ග්‍රාම නිලධාරී වසම් රැසක් සහ එක් පොලිස් බල ප්‍රදේශයක් හුදකලා කර තිබේ.
එහි දී කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හුදකලා කිරීම් පිළිබඳ නවතම නිවේදනය අද (29) උදෑසන නිකුත් කළ අතර අද (29) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි එලෙස හුදකලා කෙරුණේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයකි.
ඒ අනුව මේ වනවිට මෙරට හුදකලා තත්ත්වයේ පවතින සමස්ත ප්‍රදේශ
කළුතර දිස්ත්‍රික්කය
අධිකාරීගොඩ ග්‍රාම නිලධාරී වසම
මිරිස්වත්ත ග්‍රාම නිලධාරී වසම
පැළවත්ත උතුර ග්‍රාම නිලධාරී වසම
පැළවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
ගම්පහ දිස්ත්‍රික්කය
පොල්හේන ග්‍රාම නිලධාරී වසම
හීරලුගෙදර ග්‍රාම නිලධාරී වසම
කළුඅග්ගල ග්‍රාම නිලධාරී වසම
අස්වැන්නවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
මාතලේ දිස්ත්‍රික්කය
පල්ලේකුඹුර ග්‍රාම නිලධාරී වසම
අලුගොල්ල ග්‍රාම නිලධාරී වසම
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය
කුරුණෑගල දිස්ත්‍රික්කය
කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය
කුඹුක්ගැටේ ග්‍රාම නිලධාරී වසම
නිරාවිය ග්‍රාම නිලධාරී වසම
නිකදලුපොත ග්‍රාම නිලධාරී වසම
ගාල්ල දිස්ත්‍රික්කය
ඉඹලගොඩ ග්‍රාම නිලධාරී වසම
කටුදම්පේ ග්‍රාම නිලධාරී වසම
පොළොන්නරුව දිස්ත්‍රික්කය
සිරිකෙත ග්‍රාම නිලධාරී වසම
මොනරාගල දිස්ත්‍රික්කය
වැල්ලවාය ග්‍රාම නිලධාරී වසම
වෙහෙරයාය ග්‍රාම නිලධාරී වසම
කොට්ටම්ගම්බොක්ක ග්‍රාම නිලධාරී වසම
රහතන් ගම ග්‍රාම නිලධාරී වසම
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
පුම්පුහාර් ග්‍රාම නිලධාරී වසම
සුමේතන්ගපුර (උප්පුවේලි) ග්‍රාම නිලධාරී වසම
මුඩෝ ග්‍රාම නිලධාරී වසම
කොවිඩලාඩි ග්‍රාම නිලධාරී වසම
ලින්ගානගර් ග්‍රාම නිලධාරී වසම
කාවට්ටිකුඩා ග්‍රාම නිලධාරී වසම
චීනවරාය ග්‍රාම නිලධාරී වසම
මේ අතරතුර කෙරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (28) දිනයේ පුද්ගලයින් 3,445 දෙනෙකුට කොවිෂීල්ඩ් දෙවන එන්නත් මාත්‍රාව ලබා දී ඇත.
කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 104, 952
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 95,083
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 9,209
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 661