නගරාන්තර හා දුර ගමන් සේවා කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ, කොරෝනා වසංගත තත්ත්වයේ ව්‍යාප්ත යළි වැඩිවීම වීම හේතුවෙනි.

තව ද පෙ.ව 8.30 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1015 දරන සීඝ්‍රගාමී දුම්රිය 2021.05.08 හා 2021.05.14 යන දිනයන් හි සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1016 දුම්රිය 2021.05.09 හා 2021.05.15 යන දිනයන් හි ධාවන වන බව ද, අංක 1001 / 1002 දුම්රියන් සඳහා ප්‍රවේශපත් වෙන්කරගත් මගීන් සඳහා අංක 1005 හා 1006 දුම්රියන් හි ගමන් පහසුකම් සලසා හැකි බවත් ඒ සඳහා කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන අංක 1005 දුම්රිය 2021.05.01 , 02, 08,13, 14 සහ 15 යන දිනයන් හි පෙ.ව 6.30ට ගමන් ආරම්භ කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.