පළමු සඳ ගමනට එක් වූ ගගනගාමියෙකු වන මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මිය යනවිට මයිකල් කොලින්ස් වයස අවුරුදු 90 ක් බවයි.
මයිකල් කොලින්ස් 1969 වසරේ නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රීන් සමග ඇපලෝ 11 යානයෙන් පළමු සඳ තරණය කිරීමේ ගමනට එක්වුණි.
මයිකල් කොලින්ස් ගගනගාමියෙකු වීමට පෙර එක්සත් ජනපද මිලිටරි ඇකඩමියට ඇතුළත්ව ඉන් අනතුරුව ගුවන් හමුදාව හා සම්බන්ධ වී ඇත.
1930 වසරේ ඉතාලියේදී උපත ලද ඔහු 1963 වසරේදී නාසා ආයතනය හා සම්බන්ධ වූ මයිකල් කොලින්ස් එහිදී අශ්‍යවකාශ මෙහෙයුම් කිහිපයකට සම්බන්ධ වුණි.
කොලින්ස් දෙවරක් අභ්‍යවකාශයේ පියාසර කර ඇති අතර ඉන් ඔහුගේ දෙවැනි අභ්‍යවකාශ පියාසැරිය වන ඇපලෝ 11 යානයේ මෙහෙයුම් කටයුතු සිදු කරමින් සිටි නිසා ඔහුට සඳ මත පා තැබීමට නොහැකි වූ බැවින් බොහෝ දෙනා ඔහුව හැඳින්වූයේ ‘අමතක වූ ගගනගාමියා’ ලෙසයි.

මයිකල් කොලින්ස්ගේ පළමු වැනි අභ්‍යවකාශයේ පියාසැරිය ජෙමිනි 10 යි.