ඉන්දියාවේ පැවැත් වෙන මහ මැතිවරණයේ දී වසර 10 කට පසු තමිල්නාඩුවේ බල පෙරළියක් සිදුව තඇති බව වාර්තා වේ.
ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත්, භාරතීය ජනතා පක්ෂය සහය දැක්වූ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. (AIADMK) පක්ෂය පරදවමින් ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සහය ලද ඩී.එම්.කේ. (DMK) පක්ෂය යළි තමිල්නාඩුවේ බලයට පැමිණීමත් සමගය.
ඒ අනුව තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ බහුතර බලය ලබා ගැනීමට අවශ්‍ය වන ආසන සංඛ්‍යාව 118 කි.
එහි දී ඩී.එම්.කේ. පක්ෂය සහ හවුල්කාර පක්ෂ ලබා ගත් ආසන සංඛ්‍යාව 156 ක් වන අතර පාලක AIADMK පක්ෂයට ලබා ගත හැකි වූයේ ආසන 80 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මෙහිදී තමිල්නාඩුවේ ප්‍රධාන පක්ෂ 2කම මැතිවරණයට තරග කළේ, ඔවුන්ගේ දීර්ඝ කාලීන පක්ෂ නායකයින් වූ ජයලලිතා සහ කරුණානිධි නොමැතිව වීම විශේෂත්වයකි.
එහි දී ජේ. ජයලලිතා 2016 දී අභාවප්‍රාප්ත වූ අතර, කරුණානිධි 2018 වසරේදී අභාවප්‍රාප්ත වීමෙන් පසුව ඇති වූ දේශපාලන රික්තකය පිරීවීම සඳහා දකුණු ඉන්දීය ප්‍රවීන නළු කමල් හසන් මැතිවරණයට තරග කළ ද, ඔවුන්ට ආසනයක් දිනා ගැනීමට නොහැකි වුණි.
මේ අතර DMK පක්ෂ නායක එම්.කේ. ස්ටාලින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යධූරයේ දිව්රුම් දුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.