අධ්‍යයන පොදු සහතික පත්‍ර 2020 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරයි.
ඒ අනුව විභාග ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.
කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය වසරේ ඔක්තොම්බර් 12 වනදා විභාග මධ්‍යස්ථාන 2,648කදී පැවැත්වුණු අතර ඒ සඳහා විභාග අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.
එහි දී උසස් පෙළ විභාගය සඳහා සිසු සිසුවියෝ 362,000ක් පෙනී සිටි ඇති බව සඳහන් වේ.
මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
තව ද අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ද දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පිරිස් මහතා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව 2023 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගය , අගෝස්තු මාසයේදීත් , උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළේය.