Headlines

    මෙරට දෛනික කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2000 සීමාවට ලඟා වෙයි ..

    මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (03) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

    මෙරටින් ඊයේ (02) දිනය තුළ කොවිඩ් අසාදිතයින් 1923 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

    ඒ අනුව මෙරට දෛනික කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2000 සීමාවට ලඟා වෙමින් පවතී.

    ඊයේ (03) දිනයේ හමු වූ අසාදිතයන් අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 09 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

    මේ අතර ඊයේ (03) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 529 ක් ලෙස දැක්වේ.

    කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 264 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 232 දෙනෙකු ද වාර්තා වන අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 154 දෙනෙකු ද කුරුණෑගලින් ආසාදිතයින් 122 දෙනෙකු ද වාර්තා වී ඇත.

    අනෙක් ආසාදිතයන් සියළුදෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

    ගෙවී ගිය දින 07 තුළ පමණක් මෙරට තුළ කොවිඩ් – 19 අසාදිතයින් 11,000 ක් පමණ වාර්තා වී ඇත.

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 13 ක් වාර්තා වී ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ, මෝදර, බුලත්සිංහල, දිවුලපිටිය, මීගමුව, නුවරඑළිය, මාවිල්මඩ , මාලබේ (මරණ 2ක්), බොරැල්ල, පානදුර, ජා ඇල, නිට්ටඹුව සහ ගම්පහ යන ප්‍රදේශ වල පුද්ගලයින් වේ . ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 709 ක් දක්වා ඉහළ ගියේ ය.

    කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 113,676
    පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 98,209
    දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 14,758
    දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 709

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *