Headlines

    කොළඹ, ගම්පහ දෛනික කොරෝනා ආසදිතයින් 500 ඉක්මවයි..

    මෙරටින් ඊයේ (04) දිනය තුළ කොවිඩ් අසාදිතයින් 1914 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

    ඊයේ (04) දිනයේත් දිස්ත්‍රික්ක 24 කින් ම ආසාදිතයින් හඳුනා ගෙන ඇති අතර එකදු අසාදිතයෙකු හෝ වාර්තා නොවූ දිස්ත්‍රික්කය වන්නේ, මොනරාගල දිස්ත්‍රික්කයයි.

    ඊයේ (04) දිනයේ හමු වූ අසාදිතයන් අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 54 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

    මේ අතර ඊයේ (04) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 542 ක් ලෙස දැක්වේ.

    කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 531 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 116 දෙනෙකු ද වාර්තා වී ඇත.

    අනෙක් ආසාදිතයන් සියළුදෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

    ඊයේ (04) දිනය තුළ සුවය ලබා පුද්ගලයින් 944 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත.

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ කිසිවක් වාර්තා වී ඇති නොමැති අතර මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 709 ක් ලෙස වාර්තා වේ.

    කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 115,590
    පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 99,153
    දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 15,728
    දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 709

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *