කොවිඩ් – 19 සංගත තත්ත්වය හේතුවෙන්, පසුගිය 26 වැනිදා සිට වසා දැමුණු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද (05) යළි විවෘත කෙරුණි.
ඒ අනුව අලුයම 5.00 සිට පස්වරු 5.00 දක්වා අද(05) සිට එය විවෘතව තැබෙන බව, දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති ශාන්ත ඒකනායක මහතා සඳහන් කළේය.
මේ අතර ආර්ථික මධ්‍යස්ථානය වෙත අද (05) සහ හෙට (06) මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් පමණක් එළවළු මිලදී ගැනීමට තීරණය කර ඇති අතර සෙසු දිස්ත්‍රික්කවල ගොවීන්ගෙන් එළවළු මිලදී ගැනීම සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව ආර්ථික මධ්‍යස්ථානයේ සභාපතිතුමන් වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් අදාළ වෙළදාම් කටයුතු සඳහා පැමිණෙන වෙළදුන්ට හා ගොවීන්ට කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් තම වෙළදාම් කටයුතු කරගන්නා ලෙස සභාපති ශාන්ත ඒකනායක මහතා සඳහන් කර සිටී.