මෙරට දෛනිකව ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව ඉදිරියේදී 60 ත් 65 ත් දක්වා වැඩි කිරීමට අවධානය යොමු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මේ වනවිට දෛනිකව ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව 48 ක් වන අතර ලබන සඳුදා සිට දුම්රිය 03 ක් ධාවනයට එක් කිරිමට සැලසුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
මෙම තීරණය ගෙන ඇත්තේ, කොවිඩ් ව්‍යාප්තිය නිසා දුම්රියේ මගීන් ප්‍රවාහනය සීමා කර ඇති බැවින් දුම්රිය ගමන්වාර සංඛ්‍යාව එලෙස වැඩි කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
මේ අතර සෞඛ්‍ය උපදෙස් නොතකමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථවල බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
ඒ අනුව සෞඛ්‍ය උපදෙස් නොතකමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථ පිළිබඳ පරීක්ෂා කිරීමට ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි ජංගම පරීක්ෂණ නිලධාරීන් අනියුක්ත කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේය.