Headlines

    පාසල්, සරසවි,පිරිවෙන් ,පෙරපාසල්, සහ උපකාරක පන්ති යළි දැනුම් දෙන තුරු වසා දැමේ..

    දිවයිනේ උද්ගතව ඇති කොවිඩ් 19 අවදානම නිසා රටේ සියලු ම පාසල්, පෙරපාසල්, පිරිවෙන්, උපකාරක පන්ති සහ විශ්වවිද්‍යාල සියල්ල නැවත දැනුම් දෙන තුරු විවෘත නොකිරීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළේය.

    මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේ, රජය මෙරට දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩ ව පවත්වාගෙන යාමට දැඩි උනන්දුවකින් පසුවුව ද පවතින අවදානම් තත්ත්වය මත පාසල් දූ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව සහ ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබාදිය යුතු බැවින් එම තීණයට එළඹි බවත් මෙම අවදානම යහපත් තත්ත්වයට පත්වීමෙන් අනතුරු ව නැවත පාසල් විවෘත කිරීමට කටයුතු කරන බවය.

    ඒ අනුව එම ආයතන නැවත දරුවන් සඳහා යළි ආරම්භ කරන දිනය , දින 3 කට පෙර දැනුම්දෙන බව ද අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සඳහන් කළේ ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *