මෙරටින් ඊයේ (06) දිනය තුළ කොවිඩ් අසාදිතයින් 1895 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ඊයේ (06) දිනයේ හමු වූ අසාදිතයන් අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 44 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වින.
මේ අතර ඊයේ (06) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 326 ක් ලෙස දැක්වේ.
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 309 ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 273 දෙනෙකු ද වාර්තා වී ඇත.
අනෙක් ආසාදිතයන් සියළුදෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.
ගෙවී ගිය දිනය තුළ සුවය ලබා පුද්ගලයින් 810 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත.
කෙසේ වෙතත් පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 11 ක් වාර්තා වී ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ, උඩවලව, බුලුතොට, මල්ලවගෙදර , කටුවාන, සීදුව, ඉනාමළුව, යාපනය, කොළඹ 3 , කුලියාපිටිය, බෙන්තොට සහ ගෙලිඔය යන ප්‍රදේශ වල පුද්ගලයින් වේ . ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 745 ක් දක්වා ඉහළ ගියේ ය.
කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 119, 424
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 100 ,885
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 17,794
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 745

