දිවයිනේ දිස්ත්‍රික්ක 04 ක ග්‍රාම නිළධාරී වසම් 12 ක් අද (07) උදෑසන සිට හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ,
කොළඹ දිස්ත්‍රික්කය
පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ, හල්පුත ග්‍රාම නිලධාරී වසම
කැස්බෑව නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
මාකන්දන බටහිර ග්‍රාම නිලධාරී වසම
නිවුන්ගම ග්‍රාම නිලධාරී වසම
පොල්හේන ග්‍රාම නිලධාරී වසම
ගම්පහ දිස්ත්‍රික්කය
කඩවත පොලිස් බල ප්‍රදේශයේ, ඇල්දෙණිය නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
සූරිය පාලුව දකුණ ග්‍රාම නිලධාරී වසම
සූරිය පාලුව උතුර ග්‍රාම නිලධාරී වසම
පහළ කරගහමුණ උතුර ග්‍රාම නිලධාරී වසම
ඉහළ කරගහමුණ උතුර ග්‍රාම නිලධාරී වසම
කළුතර දිස්ත්‍රික්කය
අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේ, පිම්ඹුර ග්‍රාම නිලධාරී වසම
මතුගම පොලිස් බල ප්‍රදේශයේ, යටියන බටහිර යන ග්‍රාම නිලධාරී වසම
මෙලෙස හුදෙකලා කර ඇති ප්‍රදේශ වේ.
මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ,
බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී වසම් 2ක් ද , මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී වසම් 3ක් ද
අද (07) උදෑසන සිට හුදෙකළා බවින් ඉවත් කර ඇත.