Headlines

    ලෝක සංක්‍රමණික පක්ෂී දිනය ( World Migratory Bird Day) අදයි..

    ජාත්‍යන්තර සංක්‍රමණික පක්ෂී දිනය හෙවත් ලෝක කුරුළු පර්යටන දිනය ( World Migratory Bird Day ) අදට (08) යෙදී තිබේ.

    ලෝක සංක්‍රමණික පක්ෂී දිනය මෙවර සමරන්නේ,“කුරුල්ලෙකු මෙන් ගායනා කරන්න, පියාඹන්න, ඉහළට – Sing, Fly, Soar – Like a bird”  යන තේමාවෙනි.

    දේශගුණික හේතුන් මෙන්ම ජීව විද්‍යාත්මක හේතුන් මත ලොව විවිධ රටවල වෙසෙන පක්ෂීන් අන් රටවල්වලට සංක්‍රමණය වීම කුරුළු පර්යටනය ලෙස හදුන්වයි.

    බොහෝ විට පක්ෂි පර්යටනය සිදුවන්නේ ඇතැම් රටවල ශීත කාලය එළැඹීමත් සමග වන අතර පක්ෂීන්ට අවශ්‍ය ආහාර හා වාසස්ථාන සොයා ගැනීම අපහසුවන හෙයින් පක්ෂීහු තමන්ට ජීවත් වීමට සුදුසු දේශගුණයක් සහිත ස්ථාන සොයා පියාඹා යති.

    දැනට හඳුනාගෙන ඇති පරිදි අප රටට පක්ෂි පර්යටනය සිදුවන කලාප තුනක් වන අතර ඉන්දියානු බටහිර වෙරළ තීරය ඔස්සේ පැමිණ කල්පිටිය ආශ‍්‍රිත ප‍්‍රදේශවලින් රටට ඇතුළු වන පිරිසක්ද , ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ පැමිණ යාපනය, මන්නාරම ආශ‍්‍රිත ප‍්‍රදේශවලින් රට තුළට ඇතුළු වන පිරිසක්ද, අන්දමන් දුපත් හරහා පියඹා පැමිණ යාපනයත්, ත‍්‍රිකුණාමලයත් අතර ප‍්‍රදේශයෙන් රටට ඇතුළු වන පක්ෂීහු පිරිසක්ද එම කාණ්ඩ තුනට අයත්ය.

    ලොව පුරා සිටින කුරුළු විශේෂ 11,000ක් පමණ සිටින අතර ඉන් සංක්‍රමණික කුරුළු විශේෂ සංඛ්‍යාව 1,800 ක් වේ. ඒ අතුරින් සයිබීරියා, උතුරු ඉන්දියාව හා රුසියාව වැනි රටවල සිට පක්ෂින් විශේෂ 150ක් පමණ කලාප 03ක් ඔස්සේ මෙරටට සංක්‍රමණය වන බව සඳහන් ය.

    අපේ රට සරසන සොබා දහමේ අපුරු නිර්මාණයක් වන පක්ෂීන්ට ජීවත්විය හැකි ආකාරයට සොබා දහම රැක ගැනීම සඳහා දායක වීම අපි හැමගේම වගකීමකි..

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *