පළමු වරට මෙරටින් ඉන්දීය කොරෝනා ප්‍රභේදයේ ආසාදිතයෙකු හමු වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනය ප්‍රකාශ කළේය.
මෙරට නිරෝධායන මධ්‍යස්ථානයකින් එම ආසාදිතයා හමු වූ බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේය.
ඔහු විදෙස්ගතව සිට මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයෙකු බව තොරතුරු වාර්තා වේ.
මේ අතර චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු සයිනෝෆාම් (Sinopharm) එන්නත මෙරට ජනතාවට ලබා දීම අද පස්වරු 2.30 පමණ සිට ආරම්භ කෙරුණි.
කොරෝනා ව්‍යාප්තිය මැඩලීම සඳහා මෙරට ජනතාවට ලබාදෙන තුන්වන එන්නත සයිනෝෆාම් (Sinopharm) එන්නත වන අතර එම එන්නත් ලබාදීම පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී (MOH) පළමුවන දිනට සිදු කෙරේ.
ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා හෙවත් කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව මෙරට පුද්ගලයින් 187,775 දෙනෙකු මේ වනවිට ලබාදී තිබෙන අතර දෙවැනි මාත්‍රාව ලබා දීම ආරම්භ කෙරුණේ, පසුගිය අප්‍රේල් මස 27 වැනි දායි.
කෙසේ වෙතත් ඊයේ (07) දිනයේ මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන වාර්තා විය.
ඒ අනුව කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා ප්‍රකාශ කළේය.