Headlines

    දිනක් තුළ මෙරට වැඩිම කොරෝනා මරණ ගණන වාර්තා වෙයි..

    දිනක් තුළ මෙරට වැඩිම කොරෝනා මරණ ගණන ඊයේ (08) දිනයේ දී වාර්තා විය.

    ඒ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු හා කාන්තාවන් 06 දෙනෙක් සමඟ කොරෝනා මරණ 22 ක් ඊයේ (08) වාර්තා වීමත් සමඟය.

    එලෙස මියගොස් ඇත්තේ, රාගම, කඩවත, මුල්ලේරියාව, තලවතුගොඩ, මොරටුව, ලුණුකැටියමඩිත්ත, පදියපැලැල්ල, කොළඹ 08, බුලත්කොහුපිටිය, හුන්නස්ගිරිය, කටුගස්තොට, හල්ග්‍රන්ඔය, හොරම්පැල්ල, ගනේමුල්ල, ගුරුදෙණිය, කඩවත, බිබිල , අගලවත්ත , වලහන්දූව, පෝද්දල, ගලගෙදර සහ ගන්නෝරුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

    මියගිය පිරිස අවුරුදු 57 ත් 84 ත් අතර වයස්වල පසූවුවන් බව වාර්තා වේ.

    මේ අනුව මෙරට කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇති සමස්ත මරණ සංඛ්‍යාව 786 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

    මියගිය පිරිස අතරින් 492 දෙනෙකුම පිරිමි පුද්ගලයින් වන අතර 294 දෙනෙකු කාන්තාවන් බව වාර්තා වේ.

    කෙසේ වෙතත් ඊයේ (08) දිනයේ දිනය තුළදී ද කොරෝනා ආසාදිතයින් 1890 ක් හඳුනා ගැනුණු අතර ඒ සමග මෙරට කොරෝනා ආසාදනය වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 123,234 ක් දක්වා ඉහළ ගියේ ය.

    කොරෝනා හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 19,372 ක් වන අතර ඊයේ (08) දිනයේ ආසාදිතයින් 1335 ක් සුවය ලබා ඇත.

    ඊයේ (08) දිනයේ සුවය ලැබූවන් සමඟ මෙරට කොරෝනා ආසාදනයෙන් සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 103,098 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *