ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නතේ මාත්‍රා ලක්ෂ 09ක් එළඹෙන ජූලි මාසයේදී දිවයිනට ලැබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.
ඒ අනුව ඒ සඳහා වන සාකච්ඡා සාර්ථක වූ බවත් එන්නත් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සම්පාදනයට ලෝක බැංකුව එකඟ වී ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට දෛනිකව චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා 20,000 බැගින් ලබා දීමට උපදෙස් ලබා දී ඇතැයි කොළඹ මහ නගර සභාව සඳහන් කළේය.

කොළඹ නාගරික සීමාවේ ජනතාවට ද සයිනෝෆාම් එන්නත ලබාදීම සඳහා මධ්‍යස්ථාන 02ක් අද (10) දිනයේ ද ක්‍රියාත්මක බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව කැම්බල් පාර්ක්හි පිහිටි මධ්‍යස්ථානයේ සහ ආනල්ඩ් රත්නායක මාවතේ පිහිටි මධ්‍යස්ථානයේදී අද (10) දිනයේ දී එම එන්නත ලබාදෙන බව ඔහු සඳහන් කළේ ය .