මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (09) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ගෙවුණු (09) දිනය තුළ කොවිඩ් අසාදිතයින් 2,672 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙරට දෛනික කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2000 සීමාව පළමු වරට ඉක්මවා යමින් දිවයිනේ දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් හඳුනා ගෙන තිබේ.
ඊයේ (09) දිනයේ හමු වූ අසාදිතයන් අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 13 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
මේ අතර ඊයේ (09) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 755 ක් ලෙස දැක්වේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 323 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 234 දෙනෙකු ද වාර්තා වේ.
තව ද ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 288 දෙනෙකු ද පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1118 දෙනෙකු ද වාර්තා වී ඇත.
අනෙක් ආසාදිතයන් සියළුදෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.
ගෙවී ගිය දින තුළ සුවය ලබා පුද්ගලයින් 1,365 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත.
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 15 ක් වාර්තා වී ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ, ගනේමුල්ල, බොඹුවල, නවත්තුඩුව, මඩොල්කැලේ, බිබිල, ගල්කිරියාගම, වස්කඩුව, අම්පිටිය, රාගම, කුලියාපිටිය, පස්සර, නෑබොඩ, කොළඹ 7 සහ බණ්ඩාරගම යන ප්‍රදේශ වල පුද්ගලයින් වේ . ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 801 ක් දක්වා ඉහළ ගියේ ය.
කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 125,906
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 104,463
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 20,642
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 801