Covid -19 වසංගත තත්වයේ සීග්‍ර ව්‍යාප්තිය ඉහළ යාම හමුවේ රට සම්පූර්ණයෙන් ම වසා දැමීමට (Lockdown) කිරීමට මැලේසියා බලධාරීන් තීරණය කර ඇත.
ඒ අනුව රැස්වීම්, ප්‍රාන්ත අතර සහ දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් වන බව ද අධ්‍යාපනික ආයතන සියල්ල ද වසා දැමීටම ද නියෝග කර ඇති බව ද මැලේසියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් ආර්ථික අංශය අඛණ්ඩව පවත්ව ගැනීමට අවසර දී ඇතත් එය පවත්වා ගන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර නොමැති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පසුගිය සති කිහිපයේ මැලේසියාවේ, කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාමට පටන් ගත් අතර පසුගිය සඳුදා දිනයේ එරටින් නව කොරෝනා ආසාදිතයින් 3,807 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
මේ අතර කොවිඩ් හේතුවෙන් එරට මේ වන විට සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,700 කි.