අද (11) මධ්‍යම රාත්‍රියේ සිට මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා පළාත් අතර සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
කොවිඩ් ආසාදිතයින් පිළිබඳ සැලකිල්ලට ගෙන මෙම තීරනය ගෙන ඇති බවත් ඇතැම් විට පළාත් ඇතුළත ද සංචරණ සීමා පැනවීමට ඉඩ ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියාසිටියේය.
මේ අතර කොවිඩ් ව්‍යාප්ත වීමත් සමගම වර්තමානයේ ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිවේදනයක් ඊයේ (10) නිකුත් කර තිබේ.
ඒ අනුව මැයි 30 වැනි දා දක්වා පළාත් අතර සංචරණය සීමා කිරිමට මෙන්ම, ජනතාව රැස්වන සියලු සම්භාෂණ තහනම් කිරීමටත් කටයුතු කිරීමට ද අතිගරු ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව එහි සඳහන් වේ.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, අදාළ සීමා පැනවීමේ දී ජනජීවිතය අඩාල නොවීමට වගබලා ගැනීම සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන මෙන් ජනාධිපතිතුමා උපදෙස් දී ඇති බව ය.

